Monday, September 7, 2015

මිනිසා

මිනිසා වචනය අසු පමණින්, මා මුවගට මුසු වන්නේ මද සිනහවකි.
මේ ලොව තුල මම මහත් සේ ඇල්මක් ඇත්තේද, ඇල්මක් නැත්තේද
ඔය කියූ මිනිසාටමය..................

මිනිසා නම්, පුදුමාකාරය.....

සෑම මිනිසෙකුම ඔවුනට අවේනික ගති පැවතුම් හොබති,
සමාජය කෙතරම් නරකයැයි කියන මිනිසෙකු තුල කිසියම් හෝ හොදක් ඇත,
එමෙන්ම,
සමාජය මෙතරම් හොදයැයි කියන මිනිසෙකු තුල කිසියම් හෝ නරකක් තිබිය හැක..
මන්ද,
මිනිසුන් යනු මිනිසුන්ම වන නිසාවෙනි....